ප්‍රධාන කොටසට යන්න
RiyaZone (රිය ZONE)

ආරක්ෂිතව ගනුදෙනු කරන හැටි

RiyaZone කවදාවත් වාහනයක මුදල් ගන්නේ නැහැ. ඔබ මුදල් ගෙවන්නේ කෙලින්ම විකුණන්නාට. ඒ නිසා මුලින්ම හැම දෙයක්ම බලන්න.

අමතන්න කලින් මතක තියාගන්න

  1. 1වාහනය සහ ලියකියවිලි දකින්න කලින් කිසිම අත්තිකාරම් මුදලක් ගෙවන්න එපා.
  2. 2දවල් කාලයේ, පොදු ආරක්ෂිත ස්ථානයක හමුවන්න.
  3. 3වාහනයේ චැසි අංකය ලියාපදිංචි සහතිකයේ අංකයට ගැළපෙනවාද බලන්න.

ගෙවන්න කලින්

  • වාහනය සහ ලියකියවිලි දකින්න කලින් කිසිම මුදලක් ගෙවන්න එපා.
  • ඔබ විශ්වාස කරන කාර්මිකයෙක් ලවා වාහනය බලන්න.
  • ලියාපදිංචි සහතිකය (CR) විකුණන්නාගේ නමින් තියෙනවාද බලන්න. නැත්නම්, වාහනය විකුණන්න අවසරය තියෙන බව විකුණන්නා පෙන්වන්න ඕන.
  • බැංකු හුවමාරුවකින් හෝ බැංකුවකදී ගෙවන්න. ලිඛිත රිසිට්පතක් ගන්න.

වංචාවක ලකුණු

  • මිල සමාන වාහනවලට වඩා බොහෝ අඩුයි.
  • වාහනය දකින්න කලින් විකුණන්නා අත්තිකාරම් හෝ බුකින් මුදලක් ඉල්ලනවා.
  • විකුණන්නා පිටරට ඉන්නවා, වාහනය එවන්නම් කියලා කියනවා.
  • ඔබේ දුරකථනයට ආපු කේතයක් විකුණන්නා ඉල්ලනවා.

වැරදි දෙයක් දැක්කාද?

දැන්වීම් පිටුවේ “දැන්වීම වාර්තා කරන්න” ඔබන්න, නැත්නම් WhatsApp එකෙන් අපිට පණිවිඩයක් එවන්න.

අපිට WhatsApp කරන්න